Wednesday, 18 December 2019

මොනවද මේ Paypal ?

      PayPal කියන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කල හැකි හා මුදල් හුවමාරු කල හැකි ලොවම පිලිගත් විශ්වාශවන්ත අංක 01 online බැන්කුවක්. එසේම අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම හා වැඩිම පිරිසක් භාවිතා කරන සේවාවකි.. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ හොදම ක්‍රමය ලෙස හැඳින්විය හැකිය. ebay වෙබ් අඩවිය තුල ගනුදෙනු කල හැකි එකම මාර්ගයද මෙයයි. PayPal මගින් ගනුදෙනු කරන විට වෙනත් Credit card හෝ වෙනත් බැන්කු ගනුදෙනු මෙන් බිය විය යුතු නැහැ. මොකද අප කරන සියලුම ගනුදෙනු සියල්ලක්ම PayPal හී අදීක්ශනයෙන් සිදු වෙන නිසා. අපගේ අතින් යම් වරදක් වුවහොත් එය නැවතත් යතා තත්වයට ගැනීමට හැකිය. එසේම අපගේ ගිනුම හරහා යම් කිසි ගනුදෙනුව්ක් කිරීමෙන් පසුව එය අප හට නොලැබුනේ නම් එම (යම් කිසි භාන්ඩයක් ඇනවුම් කර එය නොලැබුනේ නම්) අප විසින් සිදු කෙරැ එම ගනුදෙනුව අහෝසි කරන්න පුලුවන්. කවුරැන් හෝ අපව රවටා ගිනුමෙන් මුදල් ලබා ගත්තේ නම් හෝ අපගේ මුදල් පැහැර ගත්තේ නම් එය නැවතත් අප හට ගත හැකිය. මෙවැනි ආකාරයේ පහසුකම් රැසක් PayPal තුලින් අප හට හිමි වේ. 

     මේ වන විට ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා PayPal භාවිත කළ හැකි නමුත් අප හට ඇති එකම අවාසිය ලංකාවේ නීති වලට අනුව අපගේ රටට වෙනත් රටකින් PayPal හරහා මුදල් ගෙන්වා ගත නොහැකි වීමයි. එනමුත් PayPal අප රටට හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය දැන් යොමුව ඇත. PayPal Withdrawals සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ලෝකයේ ඉතාමත් ජනප්‍රියතම මුදල් හුවමාරු සේවාවක් වන PayPal මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව අප රටට ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙනවා වගේම එම සේවාවන් වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත. තව ටික දිනකින් අප රටට PayPal Withdrawals සඳහා අනුමැතිය ලැබෙනවා නිසැකයි. එතෙක් අප නොඉවසිල්ලෙන් බලා සිටිනෙමු.
  •     ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන කෙනෙක් නම්  අනිවාර්යෙන්ම PayPal ගිණුමක් සාදගන්න.මොකද.. දැනට පවතින web site වලින් 90% ක පමණ මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ PayPal හරහා වීම නිසයි.    

    PayPal වල වාසී

  1. ඉතා පහසුවෙන් ගනුදෙනු කිරීමට හැකිවීම.
  2. ඉතා පහසුවෙන් ගිණුම verify කිරීමට හැකිවීම.
  3. අනෙකුත් ගිණුම් වලට වැඩා ගාස්තු අඩු වීම.
  4. Bank account එක හෝ debit/credit භාවිතා කිරීමට හැකිවීම.
  5. ඉක්මනින් බැංකු ගිණුමට මුදල්  ලබාගත හැකිවීම.
  6. ආරක්‍ෂිත වීම.
  7. Dispute පහසුකම දින 180 දක්වා ලබාදීම.
  8. පිටරටින් භාණ්ඩ ගෙන්වීමට / මුදල් ගෙවීමට හැකි වීම.

  PayPal වල නීතී

  1. එක පුද්ගලයෙකුට සෑදිය හැක්කේ එක ගිණුමක් පමණි.
  2. වයස 18 ට වැඩි විය යුතුය. (කලබල වෙන්න එපා..18 සම්පුර්ණ වන විදිහට බොරු වයසක් දාල හදන්න පුළුවන්.කිසි අවුලක් නෑ)  

        PayPal ලංකාවට support නැත්තේ ඇයි?

PayPal විසින් ලෝකයේ රටවල් කාණ්ඩ 3 කට වෙන් කරනවා.
  1. Send Only
  2. Send and receive
  3. Send, receive and withdraw
ඉතින් ලංකාව 1 වන කාණ්ඩයට අයිති රටක්.   සල්ලි යවන්න විතරයි පුළුවන්.නමුත් එක පාරක් වහෙනකොට තව පාරක් ඇරෙනවා.ඒ වගේ PayPal සල්ලි ලංකාවට ගෙන්නගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව.එහෙම ගෙන්නන අයත් ඕන තරම් ඉන්නවා.ඔයාල කරන්න ඕනේ PayPal සහයෝගය දක්වන රටක විදිහට PayPal හදන එකයි.ඒ සදහා සුදුසුම රට ෆිලිපිනය යයි.

තමන්ටම කියලා PayPal Account එකක් හදා ගන්න හැටි ඊළග Post එකෙන් කියලා දෙන්නම්.


Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search